ඇඩම් ස්මිත් , කාල් මාක්ස් , ඩේවිඩ් රිකාඩෝ , ජෝන් මේනාඩ් කේන්ස් , ඇල්ෆ්‍රිඩ් මාෂල් , තෝමස් රොබට් මැල්තස් , සයිමන් කුස්නෙට් , පෝල් ඒ සැමුවෙල්සන් , වැසිලි ලියොන්ටිෆ් , අර්වින් පිෂර් , ජෝන් ස්ටුවට් මිල් , මිල්ටන් ෆ්‍රිඩ්මාන් , අමාත්‍ය කුමාර් සෙන්

Friday, April 29, 2011

අමාත්‍ය කුමාර් සෙන්

අමාත්‍ය කුමාර් සෙන්
ü  ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභියාය.
ü  අමාත්‍ය කුමාර් සෙන් අධ්‍යාපනය ලැබුවේ ආසියාවේ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියා වු රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්‍රනාත් තාගෝර්තුමා විසින්මය. නොබෙල් ත්‍යාග ලාභියෙකු නම තැබු අයෙකු නොබෙල් ත්‍යාග ලාභියෙකු වු ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත.
ü  සෙන් ආසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියාය.
ü  මොහු සඳහා නොබෙල් ත්‍යාගය දීමට තීරණය කර ඇත්තේඹහු සංවර්ධන ආර්ථික විද්‍යාවට කළ මෙහෙය සඳහාය. ඔහු පවසන ආකාරයට සාගතයට හේතුව ආහාර හිඟය නොව ආහාර සාධාරණව බෙදී නොයාමයි.
ü  ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාග වැඩි වශයෙන්ම හිමිකර ගෙන තිබෙනුයේ ගණිතමය ඉදිරිපත් කිරීම් වෙනුවෙනි.නමුත් සෙන් සඳහා මෙම ත්‍යගය ලැබී තිබෙනුයේදරිද්‍රතාවය පිළිබඳ ඔහු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
ü  දරිද්‍රතාවය විග්‍රහ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශකය “සෙන් දර්ශකය” ලෙස අද ප්‍රචලිතය.     

මිල්ටන් ෆ්‍රිඩ්මාන්

ü  ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඇමෙරිකානු ආර්ථීක විද්‍යාඥයෙකු ලෙස ෆ්‍රීඩ්මාන් හඳුනාගත හැක.
ü  මොහු ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “මූල්‍ය ආර්ථික විද්‍යාඥයකු” ලෙසය. නව්‍ය රටා හා ප්‍රායෝගික  ලෝකයට වඩා එකඟ වන පරිදි  මොහු මූල්‍ය ආර්ථික විද්‍යා න්‍යාය දියුණු කිරීමට කටයුතු කර ඇත.
ü  ඇමරිකාවේ ජනාධිපති උපදේශකයෙකු හා කොන්ග්‍රසයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

ජෝන් ස්ටුවට් මිල්

ජෝන් ස්ටුවට් මිල්
ü  ආර්ථික විද්‍යාඥයෙකු වු ජේම්ස් මිල්ගේ පුතකු ලෙස ජෝන් ස්ටුවට් මිල් බිහි විය. වයස අවුරුදු තුනේදී ග්‍රීක් භාෂාවද, අවුරුදු අටේ දී  භාෂාවද ප්‍රගුන කළේය. අවුරුදු දහතුන වන විටදී ලෝකයේ සියළුම දාර්ශනිකයින්ගේ පොත්පත් කියවා අවසන් කළ මොහු ගණිතය, සිතියම් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය පිළබඳ මනා දැනුමක් ලබා තිබුණි.
ü  මිල් විසින් රචිත දේශපාලන ආර්ථිකයේ මුලධර්ම , ඉතා වැඳගත් ආර්ථික සිද්ධාන්ත ඇතුළත් ග්‍රන්ථයක් ලෙස සැළකේ. එහි නිපදවීම, බෙදාහැරීම පිළිබඳව වැඳගත් කරුණු ඇතුළත් වී ඇත.

Thursday, April 28, 2011

වැසිලි ලියොන්ටිෆ්

ü  ලියොන්ටිෆ් රුසියාවේ ලෙනින් ග්‍රෑඩ් සරසවියෙන් ගණිතය සහ දර්ශණය පිළිබඳ උපාධිධරයෙකි. පසු කාලයේදී සමාජ විද්‍යාව හැදෑරු ඔහු අනතුරුව ආර්ථික විද්‍යාවට නැඹුරු විය.
ü  රුසියාවෙන් ඇමරිකාවට පදිංචියට ආ මොහු “යෙදවුම් නිමවුම් න්‍යාය” ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියාද වේ.මධ්‍ය සැළසුම් ආර්ථිකවල පවා මෙය ප්‍රසිද්ධයට පත් විය. ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගිකත්වය පිළිබඳ වි‍ශේෂ සැළකිල්ලක් දැක්වු අයකු ලෙසද මොහු හඳුනාගත හැකිය.
ü  ලිබරල්වාදී දේශපාලන චින්තනයක් අනුගමනය කළ මොහු එය සිසුන් අතරට ගෙන යාමේ වරදට දඬුවම්ද ලැබීය.
ü  ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනු පස්වැන්නා ලෙස මොහු ඉතිහාස ගත වී ඇත.

අර්වින් පිෂර්

අර්වින් පිෂර්
ü  සුප්‍රකට මුදල් ප්‍රමාණවාදයේ නිර්මාණකරුවා වන මොහු යෙල් සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය.
ü  යෙල් සරසවියෙන් ගණිතය පිළිබඳ උපාධියක්ද අනතුරුව සමාජ විද්‍යාව හා ගණිතය පිළිබඳ  පශ්චාත් උපාධියක්ද දිනා ගත්තේය. ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ “මිල හා වටිනාකම පිළිබඳ න්‍යාය” ගණිතමය වශෙයන් ඉදිරිපත් කෙරිණි. එම නිබන්ධනය කර අවසන් කිරීමට පෙර ඔහුට එම සරසවියේම පත් විමක් ලැබුණි. ඔහුගේ මුළු ශාස්ත්‍රීය ජීවිතයම යෙල් සරසවිය තුළ ගවී ගියේය.
ü  මුදල් සැපයුම ආර්ථික විචල්‍යයන්ට බලපාන ආකාරය ඉදිරිපත් කළ පිෂර්, මුදල් සැපයුම පාලනය කිරීම මඟින් මිල ස්ථාවරත්වය ලබා ගත හැකි ආකාරය පෙන්වා දුනි.

පෝල් ඒ සැමුවෙල්සන්

            ü  ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබු ප්‍රථම ඇමෙරිකානුවා සැමුවෙල්සන්ය. ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්වීම් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය මොහුට හිමි විය.
     ü  සැමුවෙල්සන් විසින් රචිත ආර්ථික විද්‍යාවේ පදනම නැමති කෘතිය ඉතා වැදගත් වන අතර එය නොබෙල් ත්‍යාගය ලැබීමට මූලිකම හේතුව වී ඇත. මෙම කෘතියේ බොහෝ කොටස් හාවඩ් විශ්ව විද්‍යාලයේ සිසුවකු වශයෙන් සිටියදීම නිමකර තිබීමෙන් මොහුගේ දක්ෂතාවය මනාවට පිළිබිඹු වේ.
                    ü  සුප්‍රකට පුවත් සතිය නම් සඟරාවේ තීරු ලපි ලේඛකයෙකු ලෙසද මොහු කටයුතු කර ඇත.

Wednesday, April 27, 2011

සයිමන් කුස්නෙට්

සයිමන් කුස්නෙට්
  
ü  සංඛ්‍යාත්මකව ආර්ථික හැඩගැස්ම දෙස අවධානය යොමු කළ මොහු “දළ ජාතික නිෂ්පාදිතයේ” පියා ලෙස විරුදාවලිය ලබා ඇත.
ü  වසර විසිපහක් තිස්සේ දළ ජාතික නිෂ්පාදිතය සහ ජාතික ආදායම් පිළිබඳව අධ්‍යනය කළ කුස්නෙට් ජාතික ආදායම් ගිණුම් භාවිතය පිළිබඳව ආර්ථික විද්‍යාව නව මඟකට යොමු කෙරිණි.මෙම ඉදිරිපත් කිරීම්වල ප්‍රතිඵලය ලෙස ඔහුට නොබෙල් ත්‍යාගය පවා හිමි විය.
ü  චාම් ගති පැවතුම් ඇති කුස්නෙට් සාමකාමී පුද්ගලයෙකි. හාවඩ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය හෙබවීය.

තෝමස් රොබට් මැල්තස්

ü  ක්‍රේම්බ්‍රිජ් හි ශාන්ත ජෝන් විද්‍යාතනයේ ගණිතය හා දර්ශනය හැදෑරූ මැල්තස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
ü  1805 දී නැගෙනහිර ඉන්දියානු සමාගමේ සෝල්බරි විද්‍යායතනයේ ඉතිහාසය හා දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ  මහාචාර්යවරයා ලෙස පත් විය.
ü  ආර්ථික විද්‍යා සාහිතය මොහු ප්‍රසිද්ධ වුයේ ජනගහන න්‍යාය තුළිනි. එම න්‍යායට අනුව ජනගහණය ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස වර්ධනය වන අතර , ආහාර සම්පාදනය වර්ධනය වන්නේ සමාන්තර ශ්‍රේණියක් ලෙසය. එබැවින් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ජනගහන වර්ධනය සීමා කළ යුතුය.

ඇල්ෆ්ර්ඩ් මාෂල්


ü  නුතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකන මාෂල් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.ඔහුගේ පියා එංගලන්ත බැංකුවේ කැෂියර් වරයෙකි.පියාගේ දැඩි නිතී රීති යටතේ කටයුතු කළ මාෂල්,හැකි සෑම විටකම වැඩක යෙදවිමට පියා වග බලා ගත්තේය.
ü  ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද උපාධියක් හැදෑරු මාෂල් පසු කාලයකදී ක්‍රේම්බිජ් සරසවියේ “ආචාර විද්‍යාව” පිළිබඳ  කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලදි.මේ යුගයේදී ආර්ථික විද්‍යාව හැදෑරීම ඇරඹු ඔහු 1855 දී ක්‍රේම්බ්‍රිජ සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය.
ü  උපයෝගීතාවය,ඉල්ලුම් න්‍යාය සහ වක්‍රය,නම්‍යතාවය,පාරිභෝගික අතිරික්තය මාෂල් ආර්ථික විද්‍යාවට දායාද කළ සංකල්පයන්ය.


Tuesday, April 26, 2011

ජෝන් මේනාඩ් කේන්ස්

ü  මොහු උපත ලැබුවේ 1883 කාල් මාක්ස්මියගියවර්ෂයේදීය. කෙන්ස්ගේ පියා ද ආර්ථික විද්‍යාඥයෙකි.මහු ජෝන් නෙවිල් කේන්ස් නම් වේ.කේන්ස් අධ්‍යාපනය ලැබුවේ ස්ටින් කොලිජියෙන් හා කේම්බ්‍රිජ් සරසවියෙනි.මොහු පිගු යන ආර්ථික විද්‍යාඥයින් යටතේ ආර්ථික විද්‍යාව හැදෑරීය.
ü  නුතන සාර්ව ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් විරුදාවලිය ලත් කේන්ස් හිඟ අයවැයකරණය ආර්ථික වෘද්ධියට හේතු වන බව කේන්ස් ඉගැන්වීය.ආර්ථික උත්පාත,අවපාත ඇති වීමට හේතු,ඒවා පාලනය කර ගන්නා ආකාරය පිළිබඳ න්‍යායන් ඉදිරිපත් කිරීම සම්බන්ධ ගෞරවය මොහුට හිමි වේ.
ü  1944 දී බ්‍රේටින් වුඩ්ස් සාකච්ඡාවට බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් සහභාගී වු කෙන්ස් ලෝක බැංකුව,ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇති කිරීමට අදාළ වැදගත් යෝජනා ඉදිරිපත් කිරීම කරනු ලැබීය.
ü  1936 දී කේන්ස් ඉදිරිපත් කළ සේවා නියුක්තිය පොළිය හා මුදල් පිළිබද පොදු න්‍යාය නැමැති කෘතිය 20 වෙනි සියවසේ ඉදිරිපත් කළ න්‍යායික කෘතිය ලෙස සැළකේ.

ඩේවිඩ් රිකාඩෝ

ඩේවිඩ් රිකාඩෝ
ü  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රිකාඩෝ වයස අවුරුදු විස්සේදී කොටස් තැරැවිකරුවකු වශයෙන් ජීවිතය ආරමිභ කර ඇත. ඔහු ආර්ථික විද්‍යාව අධ්‍යයනය කීරිම ආරම්භ කර ඇත්තේ විශ්‍රාම යාමට ආසන්න කාලයේය.
ü  සාපේක්ෂ වාසි න්‍යාය රිකාඩෝ විසින් ඉදිරිපත් කරන ලද්දකි. එමගින් විදේශ වෙ‍ළෙදාමට සම්බන්ධ වන සෑම ආර්ථිකයකටම වාසි ලබා ගත හැකි ආකාරය විග්‍රහ කර ඇත.
ü  කෘෂි නොවන නිෂ්පාදන වලින් ආර්ථිකයට එතරම් ප්‍රයෝජනයක් ඇති නොවන බව ඔහුගේ අදහසයි.ආර්ථික ප්‍රගතියේදී වැඩි වාසි ඉඩම් හිමියන්ට ලබෙන බව ප්‍රකාශ කර ඇත.ඊට හේතුව වැඩිවන ජනගහනයට ආහාර සම්පාදනයට නිශ්චිත භුමි ප්‍රමාණයක් පමණක් ඇති බැවිනි.

Monday, April 25, 2011

කාල් මාක්ස්


ü  මාක්ස් ජර්මන් ජාතික‍යෙකි.මාක්ස් විෂය ක්ෂේත්‍ර ගණනාවකටම නායකත්වය ලබා දුන් චින්තකයෙකි.ඔහු දේශපාලන දර්ශනවාදියෙකි.විප්ලවවාද්යෙකි.විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘය.
ü  ධනවාදී දේශපාලන දර්ශනය තරයේම විවේචනය කළ මාක්ස් ඊට විකල්ප වශයෙන් සමාජවාදී සැළසුම් ක්‍රමය ඉදිරිපත් කළේය.එහිදී ඔහු පෞද්ගලික දේපොළ හිමිකම විවේචනය කළ අතර පොදු දේපළ ක්‍රමයේ වැදගත්කම පෙන්වීය.
ü  ඔහු ලියු ග්‍රන්ථ අතර ඩස් කැපිටල් ඉතා වැදගත් වන අතර ඔහුගේ මත හා දර්ශනය අද පවා ලෝකය තුල විශාල ලෙස අධ්‍යනය කිරීමක් දැක ගත හැකිය.

ඇඩම් ස්මිත්

ü  ආර්ථික විද්‍යා‍වේ පියා වශ‍යෙන් නම් කරන ඇඩම් ස්ම්ත් ස්කොට්ලන්ත ජාතිකයෙකි.
ü  වයස අවුරුදු පහලොවේදී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සදාචාරාත්මක දර්ශනය හැදෑරු මොහු 1751 දී එම විශ්ව විද්‍යාලයේම තර්ක ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්විය.
ü  මොහු පළකළ ඡාතීන්ගේ ධනය නැමැති කෘතිය ආර්ථික විද්‍යාවේ ප්‍රථම විධිමත් ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම කෘතියත් සමඟ ආර්ථික විද්‍යාව තනි විෂයක් ලෙස ආරම්භ විය.
ü  ඡාතීන්ගේ ධනයෙන් වි‍ශේෂයෙන්ම අවධාරනය කරන ලද්දේ ඡාතීන්ගේ ධනය වර්ධනය කර ගන්නා ආකාරයයි.
ü  රාඡ්‍ය නිර්බාදවාදී ආර්ථික ප්‍රතිපත්තිය,අදෘෂ්‍යමාන හස්තය,ශ්‍රම විභඡනය,නිරපේක්ෂ වාසිය,ඇඩම් ස්මිත් ඉදිරිපත් කරන ලද ආර්ථික සංකල්ප වේ.