ඇඩම් ස්මිත් , කාල් මාක්ස් , ඩේවිඩ් රිකාඩෝ , ජෝන් මේනාඩ් කේන්ස් , ඇල්ෆ්‍රිඩ් මාෂල් , තෝමස් රොබට් මැල්තස් , සයිමන් කුස්නෙට් , පෝල් ඒ සැමුවෙල්සන් , වැසිලි ලියොන්ටිෆ් , අර්වින් පිෂර් , ජෝන් ස්ටුවට් මිල් , මිල්ටන් ෆ්‍රිඩ්මාන් , අමාත්‍ය කුමාර් සෙන්

Friday, April 29, 2011

අමාත්‍ය කුමාර් සෙන්

අමාත්‍ය කුමාර් සෙන්
ü  ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභියාය.
ü  අමාත්‍ය කුමාර් සෙන් අධ්‍යාපනය ලැබුවේ ආසියාවේ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියා වු රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්‍රනාත් තාගෝර්තුමා විසින්මය. නොබෙල් ත්‍යාග ලාභියෙකු නම තැබු අයෙකු නොබෙල් ත්‍යාග ලාභියෙකු වු ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත.
ü  සෙන් ආසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියාය.
ü  මොහු සඳහා නොබෙල් ත්‍යාගය දීමට තීරණය කර ඇත්තේඹහු සංවර්ධන ආර්ථික විද්‍යාවට කළ මෙහෙය සඳහාය. ඔහු පවසන ආකාරයට සාගතයට හේතුව ආහාර හිඟය නොව ආහාර සාධාරණව බෙදී නොයාමයි.
ü  ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාග වැඩි වශයෙන්ම හිමිකර ගෙන තිබෙනුයේ ගණිතමය ඉදිරිපත් කිරීම් වෙනුවෙනි.නමුත් සෙන් සඳහා මෙම ත්‍යගය ලැබී තිබෙනුයේදරිද්‍රතාවය පිළිබඳ ඔහු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
ü  දරිද්‍රතාවය විග්‍රහ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශකය “සෙන් දර්ශකය” ලෙස අද ප්‍රචලිතය.     

මිල්ටන් ෆ්‍රිඩ්මාන්

ü  ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඇමෙරිකානු ආර්ථීක විද්‍යාඥයෙකු ලෙස ෆ්‍රීඩ්මාන් හඳුනාගත හැක.
ü  මොහු ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “මූල්‍ය ආර්ථික විද්‍යාඥයකු” ලෙසය. නව්‍ය රටා හා ප්‍රායෝගික  ලෝකයට වඩා එකඟ වන පරිදි  මොහු මූල්‍ය ආර්ථික විද්‍යා න්‍යාය දියුණු කිරීමට කටයුතු කර ඇත.
ü  ඇමරිකාවේ ජනාධිපති උපදේශකයෙකු හා කොන්ග්‍රසයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

ජෝන් ස්ටුවට් මිල්

ජෝන් ස්ටුවට් මිල්
ü  ආර්ථික විද්‍යාඥයෙකු වු ජේම්ස් මිල්ගේ පුතකු ලෙස ජෝන් ස්ටුවට් මිල් බිහි විය. වයස අවුරුදු තුනේදී ග්‍රීක් භාෂාවද, අවුරුදු අටේ දී  භාෂාවද ප්‍රගුන කළේය. අවුරුදු දහතුන වන විටදී ලෝකයේ සියළුම දාර්ශනිකයින්ගේ පොත්පත් කියවා අවසන් කළ මොහු ගණිතය, සිතියම් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය පිළබඳ මනා දැනුමක් ලබා තිබුණි.
ü  මිල් විසින් රචිත දේශපාලන ආර්ථිකයේ මුලධර්ම , ඉතා වැඳගත් ආර්ථික සිද්ධාන්ත ඇතුළත් ග්‍රන්ථයක් ලෙස සැළකේ. එහි නිපදවීම, බෙදාහැරීම පිළිබඳව වැඳගත් කරුණු ඇතුළත් වී ඇත.

Thursday, April 28, 2011

වැසිලි ලියොන්ටිෆ්

ü  ලියොන්ටිෆ් රුසියාවේ ලෙනින් ග්‍රෑඩ් සරසවියෙන් ගණිතය සහ දර්ශණය පිළිබඳ උපාධිධරයෙකි. පසු කාලයේදී සමාජ විද්‍යාව හැදෑරු ඔහු අනතුරුව ආර්ථික විද්‍යාවට නැඹුරු විය.
ü  රුසියාවෙන් ඇමරිකාවට පදිංචියට ආ මොහු “යෙදවුම් නිමවුම් න්‍යාය” ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියාද වේ.මධ්‍ය සැළසුම් ආර්ථිකවල පවා මෙය ප්‍රසිද්ධයට පත් විය. ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගිකත්වය පිළිබඳ වි‍ශේෂ සැළකිල්ලක් දැක්වු අයකු ලෙසද මොහු හඳුනාගත හැකිය.
ü  ලිබරල්වාදී දේශපාලන චින්තනයක් අනුගමනය කළ මොහු එය සිසුන් අතරට ගෙන යාමේ වරදට දඬුවම්ද ලැබීය.
ü  ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනු පස්වැන්නා ලෙස මොහු ඉතිහාස ගත වී ඇත.

අර්වින් පිෂර්

අර්වින් පිෂර්
ü  සුප්‍රකට මුදල් ප්‍රමාණවාදයේ නිර්මාණකරුවා වන මොහු යෙල් සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය.
ü  යෙල් සරසවියෙන් ගණිතය පිළිබඳ උපාධියක්ද අනතුරුව සමාජ විද්‍යාව හා ගණිතය පිළිබඳ  පශ්චාත් උපාධියක්ද දිනා ගත්තේය. ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ “මිල හා වටිනාකම පිළිබඳ න්‍යාය” ගණිතමය වශෙයන් ඉදිරිපත් කෙරිණි. එම නිබන්ධනය කර අවසන් කිරීමට පෙර ඔහුට එම සරසවියේම පත් විමක් ලැබුණි. ඔහුගේ මුළු ශාස්ත්‍රීය ජීවිතයම යෙල් සරසවිය තුළ ගවී ගියේය.
ü  මුදල් සැපයුම ආර්ථික විචල්‍යයන්ට බලපාන ආකාරය ඉදිරිපත් කළ පිෂර්, මුදල් සැපයුම පාලනය කිරීම මඟින් මිල ස්ථාවරත්වය ලබා ගත හැකි ආකාරය පෙන්වා දුනි.

පෝල් ඒ සැමුවෙල්සන්

            ü  ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබු ප්‍රථම ඇමෙරිකානුවා සැමුවෙල්සන්ය. ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්වීම් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය මොහුට හිමි විය.
     ü  සැමුවෙල්සන් විසින් රචිත ආර්ථික විද්‍යාවේ පදනම නැමති කෘතිය ඉතා වැදගත් වන අතර එය නොබෙල් ත්‍යාගය ලැබීමට මූලිකම හේතුව වී ඇත. මෙම කෘතියේ බොහෝ කොටස් හාවඩ් විශ්ව විද්‍යාලයේ සිසුවකු වශයෙන් සිටියදීම නිමකර තිබීමෙන් මොහුගේ දක්ෂතාවය මනාවට පිළිබිඹු වේ.
                    ü  සුප්‍රකට පුවත් සතිය නම් සඟරාවේ තීරු ලපි ලේඛකයෙකු ලෙසද මොහු කටයුතු කර ඇත.

Wednesday, April 27, 2011

සයිමන් කුස්නෙට්

සයිමන් කුස්නෙට්
  
ü  සංඛ්‍යාත්මකව ආර්ථික හැඩගැස්ම දෙස අවධානය යොමු කළ මොහු “දළ ජාතික නිෂ්පාදිතයේ” පියා ලෙස විරුදාවලිය ලබා ඇත.
ü  වසර විසිපහක් තිස්සේ දළ ජාතික නිෂ්පාදිතය සහ ජාතික ආදායම් පිළිබඳව අධ්‍යනය කළ කුස්නෙට් ජාතික ආදායම් ගිණුම් භාවිතය පිළිබඳව ආර්ථික විද්‍යාව නව මඟකට යොමු කෙරිණි.මෙම ඉදිරිපත් කිරීම්වල ප්‍රතිඵලය ලෙස ඔහුට නොබෙල් ත්‍යාගය පවා හිමි විය.
ü  චාම් ගති පැවතුම් ඇති කුස්නෙට් සාමකාමී පුද්ගලයෙකි. හාවඩ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය හෙබවීය.